“ජාතික ඇඳුම දේශපාලනයේ දී,  නිල ඇඳුම රාජකාරියේ දී” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

“ජාතික ඇඳුම දේශපාලනයේ දී, නිල ඇඳුම රාජකාරියේ දී” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුණහොත් තමන් දේශපාලනය අතහැරීමට සූදානම් බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

තමා දේශපාලන කටයුතුවල නිරතවන විට ජාතික ඇඳුමත් රාජකාරී අවස්ථාවලදී තමාගේ නිල ඇඳුමත් භාවිත කරන බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
මේ වන විට කිසිදු ත්‍රස්ත උවදුරක බලපෑමක් ශ්‍රී ලංකාවට නැතැයි ද, එසේම අයි. එස්. ත්‍රස්වාදීන් පිළිබඳ අදහස් දක්වමින් පවසන ලද්දේ එවැනි ත්‍රස්ත බලපෑමක් හෝ මැදිහත්වීමක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි. ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව අහිංසකයි, ඔවුන් මේ රටට එරෙහිව කිසිදු අයුරකින් කටයුතු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.

පසුගිය රජය සමයේ දී අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සම්මන්ත්‍රණ පවත්වා මෙරට යුද අත්දැකීම සහ මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් විදෙස් රටවල ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබීය.

ඉදිරියට ද ශ්‍රී ලංකාව එවැනි සම්මන්ත්‍රණ සංවිධාන කරනු ඇති බව, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ.

තවද, එහි වගකීම ඇත්තේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයට බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා, සිය සහයෝගය ඒ සඳහා අවශ්‍ය බවට රජය තීරණය කළහොත් ඉතා සතුටින්, එයට සහයෝගය දෙන බව සඳහන් කළේය.
තවද ලෝකයේ යුද හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන ඉහලම තනතුර ලෙස ෆීල්ඩ් මාර්ෂල් තනතුර වන අතර එය ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට පළමු වතාවට හිමිවුයේ සරත් ෆොන්සේකා මහතාටය.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර හිමිවන තැනැත්තාට නිලධාරින් 4දෙනෙකු ඇතුළු සෙසු නිලයන් 150කින් යුත් ධුරයක ආචාරයන් ලැබීමට සුදුසුකම් හිමිවේ.
එමෙන්ම එම තනතුර හිමිවන්නට වැටුප් ලැබීමට ද හිමිකම් ලැබෙන අතර ඔහුගේ කටයුතු පවත්වාගෙන යාම සදහා ඔහුට ජිවිත කාලයට බලපාන අයුරු ලේකම් කාර්යාලයක් සහ සේවක මණ්ඩලයක් ලැබේ.

Share this: