ජාතික ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් සුබපැතුම්

ජාතික ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් සුබපැතුම්

මාතර, තෙලිජ්ජවිල සමරසිංහාරාම විහාරස්ථානයේ ඊයේ(22) පැවැති උත්සවයකට සහබාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා පවසුවේ, නව ජාතික ආණ්ඩුවට තමන් සුබ පතන බවයි.

එහිදී මාධ්‍යවේදීන් අසනු ලැබූ ප්‍රශ්ණවලදී රාජපක්‍ෂ මහතා කියා සිටියේ, පසුගිය යුද සමයේ දී තමන් ද ජාතික ආණ්ඩුවක් ගැන කතා කර සියලු දෙනා ඊට එක්වන ලෙසට ඇයුම් කළත්. ඇතැමුන් තමන්ට හිනා වූ බවයි. නමුත් තමන් එසේ නොකරන බව ජනාධිපතිවරයා සිනා මුසු මුහුණින් යුතුව කියා සිටියේ ය.

තවද, තමන් මේ කාලයේ දී විවේකීව සිටින බැවින් දේශපාලන තීන්දු ගැන කතා කිරීමට අයිතියක් නැතැයි ද මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.

Share this: