ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අප්‍රේල් 24 වැනිදා සිට සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
ජාතික අක්ෂි රෝහලේ සිදු කළ ශල්‍යකර්මයෙන් පසු රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගියදා එහි සැත්කම් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද ‘ප්‍රෙඩ්නිසොලෝන්’ නමැති අක්ෂි බිංදු භාවිතය මෙම සංකූලතාවයට හේතු වී ඇති බව අනාවරණය විය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ප්‍රෙඩ්නිසොලෝන්’ භාවිතය ඉවත් කර එම සැත්කම් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.
Share this: