ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියෙන් ‘ජපුර‘ සිසුන්ට පළමු තැන

ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියෙන් ‘ජපුර‘ සිසුන්ට පළමු තැන

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන,හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ,පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට දිනා ගැනීමට සමත් වී සිටිති .

ඒ.සී. ගම්මන්පිල, ඒ.පී.විජේසිංහ, ටී.එන්.වන්නිආරච්චි, ඊ.එම්.වී.එන්.අමාජීව,ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර එස්.ද .සිල්වා එම සිසුන් පිරිසයි .
මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන් .

මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා .මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් , ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට,තොප්පිය තුළ සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙනවා .
ඊට අමතරව “ඔටිසම්” රෝගය වැළඳිය ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි . අකමැතියි .
එම දරුවන්ට මෙම “ඔටිසම්” රෝගී තත්ත්වය වැළඳී ඇත්ද , නැද්ද යන්න මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා .

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් , මෙම තොප්පිය පැළඳීමෙන්ඔ,වුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා .

මෙම xi ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් යුරෝපයේ ආසියාවේ සහ ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන් පිරිස් සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති අතර , එම සියලුම සිසුන් ඉදිරිපත් කර නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ මෙම හැරී පෝටර් තොප්පිය , මෙම ජයග්‍රහණය දිනාගෙන තිබුණි .

මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ද රැගෙන , ඊයේ(01) දින රාත්‍රි 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර,ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් , එම විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම,එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ

Share this:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>