ජාත්‍යන්තර පරික්ෂණයක්  අවශ්‍ය නැ – මාවෙයි සේනාධිරාජා

ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නැ – මාවෙයි සේනාධිරාජා

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටුව හැකි ඉක්මනින් කැඳවන ලෙස එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට ඉල්ලීමක් කර ඇත.

එම සන්ධානයේ පක්ෂ තුනක් එකතුව අදාළ ඉල්ලීම ලිඛිතව සිදු කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජලිංගම් මහතා සඳහන් කල අතර, ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බව කියන යුධ අපාරධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බල කිරීමට දෙමළ ජාතික සන්ධානය ඒකමතික තීරණයකට පැමිණීම සඳහා සම්බන්ධීකරණ කමිටුව කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එම සන්ධානයේ පාර්ශවකාර පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පසුගියදා සඳහන් කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව නොමැති බවය.

තවද එවැනි ජත්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීමට ඉල්ලීම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු පෙන්වාදී ඇත.

නමුත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජලංගම් මහතා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ මතය එය නොවන බවයි.

Share this: