අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ, ජාත්‍යන්තරව සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී පුළුල් ලෙස අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව බවයි.
තවද අමාත්‍යවරයා පැවසුවේ යුරෝපා රටවල මෙම සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
තවද අමාත්‍යවරයා පැවසුවේ මැදපෙරදිග රටවල මෙලෙස සිරකරුවන් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් නොලැබීමේ තත්ත්වයක් උදාවී ඇති බවයි.
මෙයට හේතුව එම රටවල් ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම වේ.
ඉදිරියේදී විදේශ රැකියා අමාත්‍යංශය සමග ද සාකච්ඡා කර මේ සදහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය, ශ්‍රී ලංකාව තුළ දී විවිධ වැරදි සම්බන්ධයෙන් දඩුවම් ලබන විදෙස් ජාතිකයන්ව එම රටවලට යොමු කිරීමත් විදෙස් රටවල දඩුවම් විදින ශ්‍රී ලාංකිකයින්ව දිවයිනට ගෙන්වා ගැනීමේත් පුළුල් වැඩපිළිවෙලකට යාමේ අවස්ථාවන් සොයා බලන බවයි.