ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් සමග 6ක් ගාල්ල වරායට

ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් සමග 6ක් ගාල්ල වරායට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අප්‍රේල් 16 වැනිදා මත්ද්‍රව්‍ය තොගයක් සහ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනා ඊයේ (අප්‍රේල් 17) උදෑසන ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හෙරොයින් කිලෝග්‍රෑම් 175කට අධික ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 10ක වටිනාකමකින් යුක්තයි. ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 3.5ක් ද සැකකරුවන් සමඟ ගාලු වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව සිදුකළ සම්බන්ධීකරණ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 179 ක් සහ ග්‍රෑම් 654 ක් (පැකේජ ඇතුළුව) රැගෙන යමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

Share this: