ජ්‍යෝතිශ්‍ය යනු වරදාන –  වරප්‍රසාද නොවේ

ජ්‍යෝතිශ්‍ය යනු වරදාන – වරප්‍රසාද නොවේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමග රටම නැවුම් වී ඇති බව බොහෝ අය පවසති. මැතිවරණයත් සමග කරලියට එන මාතෘකා අතරින් පෙරමුණට පැමිණෙන අංශයක් ලෙසට ජ්‍යෝතිශ්‍ය හැදින්විය හැකිය. මැතිවරණ කාලසීමාවත් මැතිවරණය පැවැත්වෙන දිනය ආසන්න වශයෙන් තීරණය වන්නේ නැකත් පදනම් කරගෙනයි. එය අනාධිමත් කලක සිට පැවත එන්නකි.

පෙර රජ දවස පටන් රාජකීය දෛවඥයන් විසූ බව ඉතිහාසය සාක‍ෂි දරයි.

2015 වසරේ පැවැත්වෙන මැතිවරණය අමුතුම ආකාරයේ මැතිවරණයක් බව තමන්ගේ හෘද සාක‍ෂියට අනූව නැකැත් ශාස්ත්‍රය විග්‍රහ කරන අය දැන සිටිය බව වගකීමෙන් සඳහන් කරමි. 2014. 11. 01. දින තුලා රාශියේ රජව සිටි සෙනසුරු යුධකාමී සතුරු රාශියක වන වෘශ්චික රාශියට ප්‍රවිශ්ඨවීම සමාජය උඩු යටිකුරු කිරීමට සමත් වේ එහි හොඳම නිදසුන මැතිවරණ සමය සහ ඊට ආසන්න කාලයේ පැවති දේශගුණික විපර්යාසය පෙන්විය හැකිය. ශනි ග්‍රහයා ලෞකික සැපට අකමැති අයකු වීම නිසාත් ඔහු චන්ඩියෙකුගේ නිවසට පැමිණීම නිසා සතා,සිවුපාවා, ගහකොල අහස වියරු වැටෙන්නට විය. මිනිසා උපතෙන් උරුම කරගත් ජානමය ප්‍රචන්ඩත්වය එහිදී පැහැදිලිව දක්නට ලැබිණ.

විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණය 2001, 2004, 1993 වසර වල පැවති මැතිවරණය හා සමාන විය. මෙම මැතිවරණ සමයේදී ජ්‍යෝතිශ්‍ය වේදීන් සඳහා විශාල ඉල්ලූමක් තිබූ බව අප දුටිමු. ඇතැමුන් මහින්ද රාජපක‍ෂ මහතා ජයග්‍රහනය කරන බව ප්‍රකාශ කලහ. වෙනත් අය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරන බව ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් ප්‍රකාශ කරන ලදී. මෙම තත්වය හමුවේ ජන්ද දායකයා පවා අසරණ වී සිටිින අවස්ථා අපි දැක්කෙමු. ජන්දය යනු හෘද සාක‍ෂියේ මනාපයයි. විශ්ව රාශියේ හතරවැන්න කටකය වේ. එහි ගුරු උච්චය පවතින රජයේ විපක‍ෂය නියෝජනය කරයි. එබැවින් පවතින රජයට මෙම මැතිවරණය අතිශය අවාසිදායක බව පැහැදිිලි වේ.

මැතිවරණ දිනයේදී සහ ලංකා කේන්ද්‍රයට අනූව කුම්භ රාශියේ 06 වැන්නේ ගුරු උච්ච වීම නිසාද මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව පැහැදිලි නිරීක‍ෂණයක් ජ්‍යෝතිශ්‍ය වේදීන්ට දක්නට තිබිිිනි. එබැවින් ඇතැමුන් හෘද සාක‍ෂියට පටහැනිව පලාපල කියන්නට විය. එහිදී අවසන් ප්‍රතිඵලය වූයේ අවලංගු කාසියක් හා සමාන වීමයි. ඇතැම් ජ්‍යෝතිශ්‍යවේදී මහතුන් විසින් තමන්ගේ තත්වය හා තනතුර රැකගැනීමට ජ්‍යෝතිහ්‍ය ආභරණයක් කරගත්හ. ජ්‍යෝතිශ්‍ය යනු ආභරණයක් නොව මාර්ගෝපදේශ කැඩපතකි.

එක් බොරුවක් කියන විට එය වැසීමට තව බොරු ගොඩක් කියන්න ඕන කියලා ගැමි කියමනක් ද ඇත. අතීතයේ පෙර රජදරුවන් විසින් නිර්මාණය කරන ලද අසිරිමත් වාරි ශිෂ්ඨාචාරය නිර්මාණය කිරීමේදීද ජ්‍යෝතිශ්‍ය හෙවත් නැකැත් ශාස්ත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලැබින. රත්නමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු ලංකාවේ ඉදිකර ඇති වෙහෙර විහාර ඉදි කිරීමේදී මෙම නැකැත් ශාස්ත්‍රය ප්‍රමුඛ ලෙස භාවිතා කර ඇති බව පෙනෙයි. තමන්ගේ පුද්ගලික න්‍යය පත්‍ර සාර්ථක කරගැනීමට උතුම් නැකැත් ශාස්ත්‍රය ඇතැමුන් විසින් යොදාගැනීම නිසා සමාජය පිරිහීමට ලක්වන බව පෙනේ. පොහොය කම්මය අලූත් අවුරුදු සිංහල චාරිත්‍ර සියල්ල සිදු කරන්නේ නැකැත් ශාස්ත්‍රය පදනම් කරගෙනයි. පටු වාසි සඳහා මෙම වටිනා ශාස්ත්‍රය විනාශ කිරීම තුළින් සිදුවන්නේ සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර දෙදරීම බව පෙනී යයි. වෙඩි තියාගෙන ජීවිතය නැතිකරගන්නවා යයි කියූ අය අද තමන් එසේ නොකියන ලද බව අද කියය.ි ජ්‍යෝතිශ්‍ය වේදියා යනු සමාජ ශෝධකයෙකි. ඔහුට අවශ්‍ය නම් සමාජයම වෙනස් කල හැක. මෙවන් වටිනා උතුම් මිනිසෙකු උන්මත්තකයෙකු= සේ හැසිරීම තුළින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ නූගත්කම විනා අන් කවරක් නොමැත. නැතිනම් එම පුද්ගලයා නිහතමානිත්වයෙන් ජීවත් නොවන වැඩ බැරි අයකු විය හැකිය. සූසැට ශිල්පයේ එක් ශිල්පයක් වන්නේ ජ්‍යෝතිශ්‍ය බව ඉතිහාසයේ පොත් පරිහරණය කිරීමෙිදී පෙනි යය.නාග ලොවින් රැගෙන එන ලද බුලත් කොලයට සමාජයේ විශාල ගෞරවයක් ඇත. මිනිසා බුලත් හුරුල්ල භාවිතා කරය. කෙතරම් දුගී දුප්පත් වුනත් කෙතරමි ධනවත් වුනත් එම පුද්ගලයන් වෙිලා කොලේ නැත්නම් ජන්ම පත්‍රය ජ්‍යෝතිශ්‍ය වේදී මහතෙකු හෝ මහත්මියකු ලගට යන අවස්ථාවෙිදී බුලත් හුරුල්ල දී ගම්‍ය කරන්නේ ජ්‍යෝතිශ්‍ය වේදියාට ඇති අමිල භක්තියය. පටු අරමුණු ඉටුකරගැනීමට තැත් කරන ඇතැම් නැකැත්කාර මහත්මයින් නිසා වටිනා උතුමි ශාස්ත්‍රය අභාවයට යාම වැලැක්විය යුතු යයි අප සිතන්නෙමු පාට, පක‍ෂ කුමක් වුවත් හෘද සාක‍ෂියට අනූව පලාපල කියන්නට නොහැකි අය කල යුත්තේ තමාගේ ‘පච’ අනාවැකිය නොකියා නිහඩ වීමයි. එවිට රෑ වැටුන වලේ දවල් නොවැටෙනු ඇත. දේශපාලනය යන මාතෘකාව ජ්‍යෝතිශ්‍ය ඉවත් කිරීමේ නියමිත කාලය එළඹ ඇති බව පෙනීයන නිසා ඒ සඳහා කතිකාවක් ඇති කර ගැනීමේ කාලයද එලඹ ඇති බව පෙනී යයි. නැකතට හදන ලද නිවස සිරියාවන්ත විය. නැකතට ඉසින ලද පැල මුල් නිසා කෙත් යාය රන් කරලින් පලබර විය. චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දී ඉදිවූ ගමේ වැව, පන්සල, දාගැබ සමස්ත සමාජයටම මහා ආශිර්වාදයක් විය. එබැවින් අන්ධ අනුකරණයට තිත තබා හෘද සාක‍ෂියේ මනාපයට නැකැත් බැලිය හැකි නම් ඉන්දු සයුරේ මුතු ඇටය තව තවත් ලස්සන වනු ඇත. ඒ සඳහා අවංක නිහතමානී වූ ජ්‍යෝතිශ්‍ය වේදීන්ගේ් ශක්තිය නිසා මාතෘ භූමිය සුවදවත් වනු නිසැකය.

නෙළුම් සෙවන බුදු පිහිට ලැබේවා
ජ්‍යෝතිශ්‍යවේදී සම්පත් සමරකෝන්
නෙළුම් සෙවන නැකැත් මහගෙදර
මහනුවර – 0773770369

Share this: