ජවිපෙ, ජනපති හමුවේ

ජවිපෙ, ජනපති හමුවේ

පසුගිය කාලය පුරාවටම අල්ලස් හා දූෂණ කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් වංචා දූෂණ පිළිබඳ තොරතුරු ගණනාවක් 

තම පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූවත් ඒ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ යි.

එමෙන්ම අනුර කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, පසුගිය විධායක සභාවේදී තමන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කැදවූ බවයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (16) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුණු අතර එහිදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ද තොරතුරු පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.

අනතුරුව එම එක් එක් වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යොමු කිරීමටත් විමර්ශන කඩිනම් කිරීමටත් එකඟතාවයකට පැමිණ තිබේ.

තවද, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයා විසින් මෙලෙස ලබාදුන් එකඟතාවය ඉදිරි සති දෙක තුන ඇතුළත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ බලා සිටින බවයි.

Share this: