ජල සම්පාදන මණ්ඩලයේ රියදුරු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ

ජල සම්පාදන මණ්ඩලයේ රියදුරු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) සේවයේ නියුතු රියදුරෙකු මැයි 20 වැනිදා සවස යතුරුපැදියකින් ‘අයිස්’ (Crystal methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී කළුතර කොට්ඨාශ අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කළුතර දෙස සිට ධාවනය වූ යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ යට ඇඳුම් තුළ සඟවා තිබූ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365ක් සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල්මිලියන 4.5 ක් පමණ වන බව ගණන් බලා තිබේ.

සැකකරු මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවත් ඔහු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රියදුරෙකු ලෙස සේවය කරන අයෙකු බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: