ඊයේ හවස අවිස්සාවේල්ල – පරණ මාර්ගයේ කඩුවෙල, වෙලේහන්දිය ප්‍රදේශයේදී ජල නලයක් පුපුරායාම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ.
ලබුගම සිට කොළඹ දක්වා ජලය ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන ජල නළයක් කඩුවෙල – වෙලේහන්දිය ප්‍රදේශයේදී මෙම නලය පුපුරා ගොස් ඇත.
මේ හේතුවෙන් බෝමිරිය විද්‍යාලය ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ගයේ සමහර කොටසක් ගිලා බැස ඇත.
එමනිසා පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටින්නේ, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
Share this: