ජපානය සමඟ වන ආරක්ෂිත සහයෝගිතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එතුමා මේ අදහස් ප්‍රකාශ කළේ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා කොළඹ ජනාධිපති නිල නිවසේ දී (26 දා) හමුවූ අවස්ථාවේදී ය.
ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, දෙරටම සමුද්‍ර ආරක්ෂාව කෙරෙහි උනන්දුවක් දක්වන හෙයින් ජාත්‍යන්තර සමුද්‍රිය ආරක්ෂාව මෙන් ම අන්තර්ජාතික නාවුක මාර්ග සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා දෙරටේ නාවුක හමුදා අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බවයි.
Share this: