තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (16) පස්වරුවේ ජපන් මිත්‍රත්ව පාලම අවහිර කරමින් ආරම්භ කළ විරෝධතාවය අද(17) උදෑසන වන විටත් පවතී. ඒ හේතුවෙන් ජපන් මිත්‍රත්ව පාලම අවට, මීගමුපාර,බේස්ලයින් පාරේ දැඩි රථවාහන තදබදයක් අද (17) උදෑසන මේ වනවිටත් පවතී. පොලිසිය පවසනුයේ විකල්ප මාර්ග භාවිතා කරමින් ගමනාන්තය වෙත ලගාවන ලෙසයි.
තොටළඟ ෆර්ගියුෂන් පාරේ අනවසර නිවාස ඉදිකිරීම් ඊයේ(16) ඉවත්කිරීමට කටයුතු කළ අවස්ථාවේ ඊට ප්‍රදේශවාසීන් බාදා කළ අතර පසුව පොලිස් විශේෂකාර්ය බලකාය පැමිණ ආරක්ෂාව සපයමින් එම අනවසර ඉදිකිරීම් බැකෝ යන්ත්‍ර යොදා ඉවත්කිරීමට කටයුතු කළා. ඒ හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ සිට නිවාස හිමි ප්‍රදේශවාසීන් ජපන් මිත්‍රත්ව පාලම අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කළා. එම උද්ඝෝෂණය ඊයේ(16) රාත්‍රියේද එලෙසින්ම පවත්වාගෙනයාමට නිවාස හිමියන් කටයුතු කළ අතර මේ වන තෙක්ම එම උද්ඝෝෂණය පැවැත්වේ.