ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (23 දා) අනුරාධපුරයට පැමිණ ප‍්‍රදේශයේ බලධාරීන් සමග සාකච්ඡුා කොට අනතුරුව අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ගංවතුරෙන් විපතට පත් රාජංගනය ජනයා සම්බන්ධව සොයා බැලීමට යන ගමන් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදී එළවළු, අල, ලූනු, පිළිබඳව විමසා සොයා බැලීය. වෙළෙඳුන්ගේ ප‍්‍රශ්න පිළිබඳව ද දිගු වේලාවක් අසා බැලීය. තඹුත්තේගම සුරස සහල් අලෙවි මධ්‍යස්ථානයට පැමිණ සහල් රුපියල් 94 ට ලබාදිය හැකි දැයි ඇසීය. මෙම මධ්‍යස්ථානයේ සහල් කිලෝව තොග 96 ට අලෙවි කරන බව වෙළෙඳ හිමියා පැවසීය.
මෙම අවස්ථාවට වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ද, දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාද, ඇතුළු මැති ඇමැතිවරුන් රැුසක් සහභාගි වූහ.
Share this: