ජනාධිපති රනිල් විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් 5ක් පත්කිරීමට සැලසුම් කරයි!

ජනාධිපති රනිල් විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් 5ක් පත්කිරීමට සැලසුම් කරයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අයවැය කාලසීමාව තුළදී පත් කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය 30 දක්වා වැඩි කළ හැකිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මීට පෙර ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ඉතිරි අමාත්‍යවරුන් සංඛ්‍යාව දිවුරුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, සී.බී රත්නායක සහ එස්.එම්. චන්ද්‍රසේනට ඇමතිකම් ලැබීමට ඉඩ ඇති බව සදහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති බව සදහන් වේ.

Share this: