සැප්තැම්බර් මාසය වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපේක්ෂා කරන මූල්‍ය සහන ඇතුළු වරප්‍රසාද සලකා බැලීමට රජයට හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මැයි 18 වැනිදා සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සම්මේලනය (FUTA) සමඟ පැවති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙම රැස්වීම සඳහා සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයින් පැමිණ සිටි අතර, ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු, මෙම ගැටලු සඳහා ගත හැකි විසඳුම් සහ පවතින ආර්ථික අවපාතය තුළ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ඇතුළු මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
Share this: