ජනාධිපති රනිල්ගේ ඩිජිටල්කරණ සපථ කිරීම

ජනාධිපති රනිල්ගේ ඩිජිටල්කරණ සපථ කිරීම

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ වාර්තාවක් මසක් ඇතුළත ලබාදෙන ලෙස තමන් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ බ්‍රහස්පතින්දා (මැයි 18) කොළඹ 08 ඇල්විටිගල මාවතේ Daraz මූලස්ථානය විවෘත කිරීමේ උත්සවය අමතමින් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ආදායම් ලබා ගැනීම සඳහා ස්ථාපිත කරන ලද ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා, 1993 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඒ පිළිබඳව සාකච්ඡා කළ බව ද ප්‍රකාශ කළේය.

2023 දී එය තවමත් සාකච්ඡා වෙමින් තිබීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඩිජිටල් ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද නොකළ යුතු බවත් එය වේගවත් වන තරමට ප්‍රතිඵල ලබා ගත හැකි බවත් පැවසීය.

Share this: