බකිම්හැම් මාළිගාව වෙත පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය එළිසෙබෙත් මහරැජිණ විසින් සුහදශීලී ලෙස පිළිගනු ලැබුවාය.
නව රජයේ වැඩපිළිවෙල පිළිබඳ තමා තුළ විශාල පැහැදීමක් ඇති බව බ්‍රිතාන්‍ය දෙවනි එළිසබෙත් මහරැජිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇත.
ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහරැජිණ සුභාශීර්ෂණය පිරිනැමු අතර. මේ බව මහ රැජිණ පවසා ඇත්තේ බකිම්හැම් මාළිගාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(11) හමුවූ අවස්ථාවේ දී ය.
මේ අතර ශ්‍රීලාංකීය ජනතාවගේ ගැටළු විසදමින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සුරක්ෂිත කිරීම් සඳහා වත්මන් රජය ගෙනයන වැඩ පිලිවෙල ඉතා අගය කරන බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු විසදීමද එහිදි විශේෂ ඇගයීමකට ලක්විය.