එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, මෙවර සිංහල දෙමල අලුත් අවුරුද්ද සුවිශේෂී වන්නේ ජාති කුල භේදයකින් තොරව සියල්ලන්ට සාධාරණයක් ඉටු කිරීමට කැප වූ යහ පාලනයක් තුළින් රටේ සියලු ජන කොටස්වල සමගිය සාක්ෂාත් කිරීමට ගන්නා මහඟු පියවර මැද බවයි.
තවද ශ්‍රී ලාංකීය ජනතාව අවුරුදු සැමරීමේදී තම ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායන් මෙන් ම සමාජ අගයන්ට මුල්තැන දීම තුළින් අතීතයේ සිට මුතුන් මිත්තන් රැගෙන ආ මානුෂීය වටිනාකම්වලට ප්‍රමුඛත්වය හිමිවෙයි.
මෙයින් සුවිශේෂී වන්නේ, ජනතාව අතර සමගිය සමාදානය බෙදාහදා ගැනීම හා අන්‍යයන් සමග හොඳ හිත තහවුරු කර ගැනීම බව ජනාධිපතිතුමා පවසි.
තවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටින්නේ, සිංහල දෙමල අලුත් අවුරුද්ද මධ්‍යසාර භාවිතයෙන් තොරව පවුලේ සාමාජිකයින් සමග සතුටින් සමරන ලෙස ය.
අවුරුදු සංග්‍රහ ලයිස්තුවෙන් මධ්‍යසාර හා දුම්වැටි ඉවත් කරන ලෙසත් ජනාධිපතිතුමා විශේෂයෙන් ඉල්ලා සිටියි.