ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ක් දක්වා අඩු කෙරේ

ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ක් දක්වා අඩු කෙරේ

ජනාධිපතිවරයා ගමන් කරද්දී මාර්ග වසා තබන්නේ නෑ

ජනාධිපතිවරයාගේ 2500ක් වූ පුද්ගලික කාර්ය මණ්ඩලය 250ක සුළු කාර්ය මණ්ඩලයක් බවට පත්කර පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.එමෙන්ම ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන් කරන රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ස මහතා තීරණය කර තිබේ.

දැනට ජනාධිපතිවරයා වෙනුවෙන් වාහන 15ක් 20ක් පමණ ජනාධිපති ආරක්ෂක රථ පෙලෙහි ගමන් කරන අතර නව තීරණය අනුව එම ප්‍රමාණය වාහන දෙකක් හෝ තුනක් පමණක් වනු ඇත. නමුත් සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් අලුතින් ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා ගමන් කරද්දී මාර්ග වසා තැබීම ඉදිරියට සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Share this: