හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන වෘත්තීයවේදීන් දෙදෙනාගේ නම් සිය ජනාධිපති ධුර අපේක්ෂකයන් ලෙස අභිමන් ලංකා සංවිධානය වෙත ඉදිරිපත් කරන බව ජාතික ජනතා ව්‍යාපාරය පවසයි.
ජාතික ජනතා ව්‍යාපාරයට අමතරව දැනටමත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර ඇති නීතිඥ නගානන්ද කොඩිතුවක්කු සහ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත අභිමන් ලංකා සංවිධානය සමග සාකච්ඡා පවත්වන සෙසු පුද්ගලයන් අතර වෙති.
දේශෝදය ව්‍යාපාරය සහ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය ඇතුළු සිවිල් කණ්ඩායම් විස්සක් ජාතික ජනතා ව්‍යාපාරයට ඇතුළත්ය.
අභිමන් ලංකා සංවිධානය යනු ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු තෝරා ගනු වස් ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන සහ ව්‍යාපාර ගණනාවකින් සැදුම්ලත් පොදු වේදිකාවකි.
ජාතික ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කල නිවේදනය පහත පරිදි දැක්වේ…