ජනාධිපතිවරයා කිසියම් බලතල ප‍්‍රමාණයක් තබාගත යුතුමයි

ජනාධිපතිවරයා කිසියම් බලතල ප‍්‍රමාණයක් තබාගත යුතුමයි

දැනට පවතින විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති බලතල හැකි උපරිම ප‍්‍රමාණයෙන් සීමා කිරීමටත් ඇතැම් බලතල ඉවත් කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවය පළ කර ඇත.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ, පක්ෂය ඊයේ (16) පැවැති විශේෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගත් බව සදහන්ය.

එසේම ජනාධිපතිවරයා වෙත කිසියම් බලතල ප‍්‍රමාණයක් තබාගත යුතු යැයි ඉදිරිපත්ව ඇති යෝජනාවට එකඟ වී ඇති බවත් එය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයට පමණක් සීමා විය යුතුය යන කොන්දේසිය යටතේ සිදුවන බවත් ඒ මහතා කියාසිටියි.

ශ‍්‍රී ලංකාවේ වෙසෙන සියලූම ජන කණ්ඩායම්වල හා ඒ ඒ පක්ෂවලට ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකයින්ගේ කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුව තුළ නියෝජනයවීමේ මූලධර්මයවන අතර එම පදනමේ සිට නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා දායක විය යුතු බව එම පක්ෂය අවධාරණය කරයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහනෙන් පොරොන්දු වී ඇති ආකාරයටත් අප්‍රේල් 23න් පසු වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බවත් එය විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කොට කල් දැමීමට ඉඩ දිය යුතු නැති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී එකඟතාවය පල කර තිබේ.

Share this: