ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම ලක්ෂ 62ක ජනතාවගේ යුතුකම

ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම ලක්ෂ 62ක ජනතාවගේ යුතුකම

හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරස්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.

ඔහු මෙම උපවාසය ආරම්භ කර අතේ, ඉකුත් ජනාධිපතිවරණ‍ය පැවති දිනට පසුදින අළුයම සිදුවීයයි කියනු ලබන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් හා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

සෝමවංශ අමරසිංහ මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ, එදින කුමන්ත්‍රණයක් සිදුවූ බව දන්නා බොහෝ දෙනෙකු සිටින බවත්, කරනු ලබන පරීක්ෂණයකට ඔවුන් සහය ලබාදෙන බවත් එය අනිවාර්යයෙන් කළ යුතුව ඇති බවත්ය.

එදින සිදුවූ කුමන්ත්‍රණය නැවත වතාවක් එළඹෙන මහමැතිවරණයකදී වුව සිදුවිය හැකිව පවතින බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට එයින් තර්ජනයක් එල්ලවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම ලක්ෂ 62ක ජනතාවගේ යුතුකම හා වගකීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලහ.

Share this: