පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 700 දක්වා වැඩිවනු ඇතැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දී තිබේ.
ජනාධිපතිවරණයට රුපියල් කෝටි 400 ක් පමණ වැයවනු ඇතැයි නාම යෝජනා පත‍්‍ර භාර ගැනීමට පෙර මැතිවරණ කොමිසම ඇස්තමේන්තු කර තිබිණි.
එහෙත් ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂකයන් 35 දෙනකු නාම යෝජනා භාරදීම හේතුවෙන් වැය වන වියදම විශාල ලෙස වැඩි වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය.
වැය වන මුදලින් හතරෙන් එක් කොටසක් පොලිස් දෙපාර්තමේන්තුවට ගෙවීමට සිදුවන බවත්, මැතිවරණය වෙනුවෙන් පොලිසියට හිිමි කාර්ය භාරය වැඩි බවත් හෙතෙම කීය. එමෙන්ම ඡුන්ද ගණන් කරන මධ්‍යස්ථාන පුළුල් කළ යුතුව ඇති බව ද ඡුන්ද පෙට්ටි අලූතින් ලබාගත යුතු බව ද එමෙන්ම රජයේ නිලධාරීන්ගේ දීමනා සඳහා විශේෂ මුදලක් වැය වන බව ද හෙතෙම කීය.
Share this: