ජනවාරි 8ට ජයග්‍රහනයේ වැඩි සතුට භුක්ති වින්දේ දෙමල ඩයස්පෝරාව හා රටට එරෙහි විදේශ බළවේග

ජනවාරි 8ට ජයග්‍රහනයේ වැඩි සතුට භුක්ති වින්දේ දෙමල ඩයස්පෝරාව හා රටට එරෙහි විදේශ බළවේග

ජාතික නිදහස් පෙරමුණේ කොළොන්නාව අාසනයේ ප්‍රධාන සංවිධායක හ්‍ේමසිරි අමරසිංහ මහතාගේ සංවිධානත්වයෙන් “දිනුදේශය රැකගනිමු ජනතා පවුර” නමින් මෙහෙයුම් කාර්‍යාලයක් මුල්ලේරියාව රාහුල විද්‍යාලය ඉදිරිපිටදී පසුගියදා විවෘත විය.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය වර්තමාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාගේ ප්‍රධානත්වයේන්, ජාතික නිදහස් පෙරමුණේ පලාත් හා ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ හා පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් එය සිදු විය.

එහිදී විමල් වීරවංස මහතා පවසා සිටියේ පසුගිය ජනවාරි 08 වෙනිදා සියලු හතුරු බළවේග එකතු වෙලත් ලබා ගත හැකි වූයේ වැඩි ඡන්ද ලක්ෂ 04ක් පමණක් බවයි. මෙම ජයග්‍රහනයේ වැඩි සතුට භුක්ති වින්දේ දෙමල ඩයස්පෝරාව හා රටට එරෙහි විදේශ බළවේග බවත් ඔවුන් එම සතුට සැමරුවේ නිකන් නොව කිරි බත් උයා කමින් කියාය.

එහිදී මෙම ජයග්‍රහනයේ ගෞරවය වරෙක අැමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී (John Kerry) තමන්ට ලැබිය යුතු බව පවසන බවත් තවත් වරෙක එය ලැබිය යුත්තේ තමාට බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසන බවත් හෙතෙම සදහන් කලේය.

වර්තමාන අධිකරණ පද්දතිය තුල ස්වාධීන තීරණ ගැනීමට විනිසුරුවන්ට ඉඩ හසර නොමැති පරිසරයක් ගොඩ නැගී අැති වූවත් පසුගිය අාණ්ඩු සමයේදී කිසි ලෙසකින්වත් දේශපාලන අත පෙවීම් අධිකරණ පද්දතියට සිදු නොකල බව හෙතෙම අවදාරණය කලේය.අද වන විට විනිසුරුවන් රාත්‍රී නවය වන තුරුත් නඩු අසන බව රාත්‍රී නවයට බැසිල් රාජපක්ෂ මහතා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමෙන් පෙනී යන බව ඔහු පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට අමතරව පොලිස්පති ධූරයේද වැඩ බලන බව සදහන් කල එතුමා පොලීසිය දැන් පිලිපදින්නේ පොලිස්පති තුමාගේ උපදෙස් නොව අග්‍රාමාත්‍ය වරයාගේ උපදෙස් බව පැවසූහ.

ඡායාරූප – ෂේන් පෙරෙරා

Share this: