ජනප්‍රිය ඩ්‍රම්ස් වාදක ෆ්‍රෙඩ් වයිට් දිවි ගමනට සමුදෙයි!

ජනප්‍රිය ඩ්‍රම්ස් වාදක ෆ්‍රෙඩ් වයිට් දිවි ගමනට සමුදෙයි!

එක්සත් ජනපදයේ Earth, Wind and Fire සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදකයෙකු වූ ෆ්‍රෙඩ් වයිට් මිය ගියේය.

ෆ්‍රෙඩ් වයිට් චිකාගෝ හි උපත ලැබූ අතර වයස අවුරුදු 67 දී මිය ගියේය.

ෆ්‍රෙඩ් වයිට්ගේ මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෆ්‍රෙඩ් වයිට් වයස අවුරුදු 9 දී බෙර වාදනය කිරීමට පටන් ගත් අතර 1974 දී ඔහු Earth, Wind and Fire නම් ඇමරිකානු සංගීත කණ්ඩායමට සම්බන්ධ විය.

Earth, Wind and Fire 2006 දී Grammy සම්මානය සහ 2004 දී ඇමරිකානු සංගීත සම්මානය දිනා ගත්තේය.

Share this: