ජනපති සොහොයුරාගේ අවසන් කටයුතු අද

ජනපති සොහොයුරාගේ අවසන් කටයුතු අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන, ඝාතනයට ලක්වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද දින සිදුකෙරේ.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුගේ නිවස සහ අවට ප්‍රදේශ වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව සදහන්වේ.

කිසියම් කණ්ඩායමක් විසින් සැකකරුගේ නිවසට කිසියම් අලාභ හානියක් සිදුකිරිම මැඩ පැවැත්විමේ අරමුණින් මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ප්‍රියන්ත සිරිසේන මහතා පසුගියදා පොළොන්නරුව 4 ඇළ ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්වුනු අතර, ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු එම මහතා ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණි.

ඒ මහතාගේ අවසන් කටයුතු අද පොළොනන්නරුව ප්‍ර දේශයේදී සිදු කිරිමට නියමිතය.

Share this: