ජනපති ලේකම් කාර්යාලයේදී මෝඩි පිළිගැනේ

ජනපති ලේකම් කාර්යාලයේදී මෝඩි පිළිගැනේ

අද උදැසන දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරු 9.30 ට පැවැත්වීමට කටුතු යොදා ඇත.

ඉන්පසුව රාජ්‍ය නායකයින් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වෙන අතර එහිදී ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබේ.

පෙරවරු 11.30ට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ මරදාන මහාබෝධි සංගමයේ පැවැත්වෙන විශේෂ උත්සවයකටද සහභාගී වීමට නියමිතව ඇත.

ඒ නිමිත්තෙන් කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

Share this: