ජනපති ලබන 13 වනදා පොලිස් ප්‍රධානීන් මුණ ගැසේ

ජනපති ලබන 13 වනදා පොලිස් ප්‍රධානීන් මුණ ගැසේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 13 වනදින සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදි පොලිස් ප්‍රධානීන් මුණ ගැසීමට නියමිතය.

රටේ සිවිල් ආරක‍්ෂක තත්වය සහ පොලිස් රාජකාරි සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා පොලිස් ප්‍රධානී සමග අදහස් හුවමාරුකර ගනීවි යැයි පොලිස් මූලස්ථානය විශ්වාස කරයි.

පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු එම හමුවට සහභාගිවනු ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

Share this: