ආර්ථික ප්‍රකෘතිමත් ක්‍රියාවලිය සඳහා ජපානය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 වැනිදා සිය ප්‍රසාදය පළ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමඟ ටෝකියෝ නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරදීය.
“ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සම්බන්ධයෙන් අපි කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබෙනවා,” ජනාධිපති වික්‍රමසිංහ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
අලුතින් දියත් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ නොවැම්බර් වන විට අවසන් කිරීමට ජාතියට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර තිබේ.
Share this: