ජනපති මෛත්‍රී හින්දු පුවත්පතේ අවධානයට

ජනපති මෛත්‍රී හින්දු පුවත්පතේ අවධානයට

පසුගියදා ඉන්දියාවේ තිරුමාලාහි පිහිටි වෙන්කටේස්වර දේවාලයේ ආගමික වතාවත්වල නිරතවූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එම මහත්මිය අනෙකුත් භක්තිකයන් මෙන් පෝළිමේ ගමන්කර ආගමික වතාවත් වල නිරතවූ බව හින්දු පුවත්පත වාර්තා කරයි.

නිරහංකර ජනපති යුවළක් ලෙස ද පුවත්පත ජනාධිපතිතුමාව හඳුන්වා දී ඇත.

අනෙකුත් මන්ත්‍රීන් මෙන් සෘජු ඇතුළුවීමෙන් තොරව සමාන්‍ය ජනතාව සමග පෝළිමේ ගොස් ආගමික වතාවත් සඳහා ජනාධිපතිතුමා එක්ව තිබේ.

දේවාලයට ඇතුළු වීම සඳහා පැමිණි ජනපති ඇතුළු පිරිසට එයට ඇතුළු වීම තරමක් ප්‍රමාද වූ බවත් වාර්තා වේ.

උපුටා ගැනීම – කොළඹ, ලංකාපුවත්

Share this: