ජනපති බලය 90% කින් බලය අඩුවනවා

ජනපති බලය 90% කින් බලය අඩුවනවා

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයෙකු බලතල 90%කින් පමණ කපා හැරෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) මහනුවර පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිධූරයේ රැඳි සිටිමින් ජනාධිපතිධූරයේම බලතල අඩු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන එකම ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවයි.

1970ඉදන් මේ රටේ බලයට පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවේ බලය වැඩි කරගන්න බවත් අපේ ජනාධිපතිතුමා මෛත්‍රිපාල සිරිසේන මහතා  මේ රටේ බිහිවූ එකම පුද්ගලයා තමන්ගේ බලය අත්හරින්න ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පැවසිය.

මේ සංශෝධනය සම්මත වු පසුව එතුමාගේ බලය 90%කින් පමණ අඩුවන බවත් හාස්‍ය ජනක සිද්ධිය තමයි එතුමා බලය අත්හරින්න හදනකොට සමහර අය කියනවා එපා එපා අත්හරින්න එපා කියලා. මේ තත්වය ඉතාමත් හාස්‍ය ජනකයි.

ලංකාපුවත්

Share this: