ඊයේ (04) පස්වරුවේ ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සව සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තවද රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නිකුත් කරන ලද මුද්දරය සහ මුල්දින කවරයද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අරන්තලාවේ භික්ෂු සංහාරයේදී තුවාල ලබා දැනට ආබාධිත තත්ත්වයේ පසුවන පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර ස්වාමින් වහන්සේ වෙත මුදල් පරිත්‍යාගයක්ද ජනාධිපතිතුමා අතින් මේ අවස්ථාවේදී සිදු කෙරිනි.
රාමඤ්ඥ මහා නිකායේ මහානායක පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහානායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ගලගම අත්තදස්සි අනුනායක ස්වාමින් වහන්සේ, මහිංයගන රජමහා විහාර භාරකාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා, බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් පිරිසක්ද සැදැහවත් ජනතාව අතිවිශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහබාගී වී ඇත.