ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරයේ පළමු විදෙස් නිල සංචාරය සඳහා හෙට (15) පිටත් වේ.
ජනාධිපතිවරයාගේ එම පළමු සංචාරය වන්නේ ඉන්දියාවයි.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් මගින් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියානු රජය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට ඉතා සතුටින් බලා සිටින බවයි.
මෙම තෙදින නිල සංචාරය සඳහා මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී. එම්. ස්‌වාමිනාදන් යන ඇමැතිවරු සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව හෙට(15)සිට ලබන 18වන දින දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.
මෙම චාරිකාවේදී ජනාධිපතිතුමා ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා හමුවීමට නියමිත අතර ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්වීපාර්ශික සාකච්ඡා පවත්වනු ඇත.
මීට අමතරව ජනාධිපතිතුමා දේශපාලන පක්ෂ නායකයින් සහ අනෙකුත් ප්‍රභූන් ද මුණ ගැසීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහාද සහභාගී වනු ඇත.