ජනපති නිල නිවසේදී මෛත‍්‍රී-මහින්ද හමුවෙති

ජනපති නිල නිවසේදී මෛත‍්‍රී-මහින්ද හමුවෙති

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡුා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර හමුවක් පෙරේදා (27 වැනිදා, රාත‍්‍රියේ මහගමසේකර මාවත පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

මෙම සාකච්ඡුාව ඉතා සාර්ථක මට්ටමින් පැවැති බව එම පක්‍ෂ දෙකෙහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පැය භාගයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡුාව සඳහා සහභාගිවී ඇත්තේ ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකවරයා පමණි.

ඉදිරි මැතිවරණ සඳහා පක්‍ෂ දෙක එක්වීමට අවසන් තීරණය ගැනීමට නායකයින් දෙපළ නැවත වරක් ඉදිරි සතියේදී හමුවීමටද මෙහිදී එකඟතාව පළකර ඇත.

Share this: