ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් පවරන ලදී.
“සුවපහසුවෙන්, ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියකුම සතු අයිතියකි. ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සම්බන්ධතාව පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතුය. එමන්ම කුඩා පාලම්, වැල් පාලම් සහ ඒ දඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුතය. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කි.මි 8,000ක වැඩ අරඹා තිබේ. ඉන් මාර්ග කි.මි 400ක
ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර ඇත
මාර්ග ඉදිකිරිමේ දී යොදා ගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරු අතර සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසර, වනජීවි, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු වේ”
ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා.