ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීම සඳහා සිංහ සමාජ ජාත්‍යන්තරයේ සහාය ලබා සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇඟයීමට ලක් කළේය.
ජනාධිපතිතුමාගේ අවබෝධය තුළින් 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට තරුණ තරුණියන්ට තම නිර්මාණ කුසලතා උපයෝගී කර ගැනීමට හැකිවන පරිදි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බියගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සිංහ සමාජය දක්වන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කළේය.
ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංහ සමාජ ජාත්‍යන්තරයේ සභාපති බ්‍රයන් එඩ්වඩ් ෂීහාන් මහතා අතර පැවති හමුවේදී මේ බව සඳහන් විය.
Share this: