ජනපති, ජර්මන් චාන්සල්වරිය හමුවෙයි

ජනපති, ජර්මන් චාන්සල්වරිය හමුවෙයි

ජර්මනිය වෙත පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය විසින් උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබිණ.

මෙම අවස්ථාවේදී දෙරටේ ජාතික ගී වාදනය කෙරුණු අතර ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමිණි.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා දූත පිරිසේ අමාත්‍ය මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහත්වරුන් ද සහභාගී වූහ.

Share this: