ජනපති අපේක්‍ෂකයා වෙන්න පොහොට්ටුවේ පොරයක් නෑ

ජනපති අපේක්‍ෂකයා වෙන්න පොහොට්ටුවේ පොරයක් නෑ

ජනාධිපතිවරණයට තරග කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවකු පොරකන්නේ නැතැයි ද ඒ සඳහා නියම සුදුස්සා ලබන 11 වැනිදා රටට හෙළිකිරීමෙන් තහවුරු කරන බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (4 දා) පැවසීය.

රටේ සියලූ ප‍්‍රශ්න හොඳින් වටහා ගත හැකි ජනතාව සම`ග සිටින නියම සුදුස්සා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවද ලබන 11 වැනිදා ඔහුගේ නම හෙළිකිරීමෙන් පසු ජනතාවගේ බලාපොරොත්තුව ඉටු වෙන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන ආගමික වත්පිළිවෙත් ඉටුකර සිය වගකීම ඉටුකරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share this: