ජනපති අද මව්බිමෙන් පකිස්ථානය බලා  පිටත් වෙයි

ජනපති අද මව්බිමෙන් පකිස්ථානය බලා පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා අද දින(5) පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

අද පස්වරුවේ ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

තවද, පකිස්ථාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වෙන බව, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තැබීමට නියමිතව ඇත.

රට තුළ යළිත් යුද්ධයක් ඇති වීම වැළැක්විය හැක්කේ තුවක්කුවේන් නොව සියලු ජන කොටස් අතර විශ්වාසය ගොඩනගා සියලු දෙනාට සාධාරණ වු සමාජයක් ගොඩනැගීමෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

මඩකලපුව හින්දු විද්‍යාල භූමියේ පැවති පාස්කු මංගල්‍යයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කර ති‍බේන අතර, තවදුරටත් ඔහු පෙන්වා දෙන්නේ කුමන ආගමක් ඇදහුවද කුමන භාෂාවක් කතාකළ ද රටේ සියලු ජනතාවට සහජීවනයෙන් සහෝදරත්වයෙන් සහ මිත්‍රත්වයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බවයි.

ලෝකවාසී කිතුණු බැතිමතුන් උත්කර්ෂවත් අන්දමින් සමරන පාස්කු ඉරිදා දිනය අදට යෙදී ඇති අතර එය සමරමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

Share this: