ජනපතිවරණ අපේක්‍ෂකයා තීරණය කිරීමේ රනිල්-සජිත් විශේෂ හමුව හෙටට කල්යයි

ජනපතිවරණ අපේක්‍ෂකයා තීරණය කිරීමේ රනිල්-සජිත් විශේෂ හමුව හෙටට කල්යයි

ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා අතර ඊයේ (08 වැනිදා* පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ හමුව හෙට (10දා) පැවැත්වෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

කලින් යොදාගත් සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම සඳහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාට හම්බන්තොටට යෑමට සිදුවීම නිසාත් අගමැතිවරයාද යාපනය සංචාරයෙන් පසුව කොළඹට පැමිණියේ ඊයේ දිනයේ වීමත් නිසා මෙම හමුව කල්දමන්න සිදුවී ඇති බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයකු ‘දිවයින’ට පැවැසීය.

හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැුස්වීමෙන් අනතුරුව මෙම විශේෂ සාකච්ඡුාව පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගනු ඇතැයිද වාර්තා වෙයි.

Share this: