ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ඉන්දු – ලංකා සබඳතාවල හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ඉන්දීය ප්‍රවාහන හා නාවික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් පවසයි.
ජනාධිපතිවරයාගේ සංචාරය දෙරට අතර පවතින සබඳතා වඩා හොඳ මාවතකට යොමුකිරීමට ඉවහල්වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන් දෙරටේ ධීවර ගැටලුවට ස්ථීර විසඳුම් ලබාගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරය තුළ දී වැඩි අවධානයක් යොමුවනු ඇති බව ඉන්දීය ප්‍රවාහන හා නාවික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් මහතා අවධාරණය කරයි.
තමිල්නාඩුවේ දී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පොන් රාධක්‍රිෂ්ණන් මේ බව කියා තිබේ.
තවදුරටත් අදහස් දක්වමින් ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා කියා ඇත්තේ ඉන්දීය ධීවරයින් මුහුණ දී සිටින ගැටලු විසඳා ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂ රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

ජනපතිගේ ඉන්දු සංචාරයෙන්ඉන්දු – ලංකා සබඳතාවලට හැරවුම් ලක්ෂයක්වෙයි
Share this: