ඉදිරි කාලය තුළ විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.
මැයි 03 වැනිදා පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ඒ අනුව රාජ්‍ය අරමුදල් සහ විදේශ ආයෝජන සඳහා ප්‍රතිපාදන ඇතුළත් ‘වරප්‍රසාද පැකේජයක්’ ළඟදීම හඳුන්වා දෙන බවයි.
විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට ප්‍රමාණවත් දිරිගැන්වීමක් නොලැබීම විශාල ගැටලුවක් ලෙස පවතින බව අමාත්‍ය ගුණවර්ධන පෙන්වා දුන්නේය.
රට තුළ ස්වභාවික සම්පත් රැසක් තිබියදී විදේශ ආයෝජන ගෙන්වා ගැනීම නිසියාකාරව සිදුවන බව සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ඔහු සඳහන් කළේය.
Share this: