ජනපතිගෙන් මහා නායක හිමියන්ගේ දේහයට අවසන් ගෞරව

ජනපතිගෙන් මහා නායක හිමියන්ගේ දේහයට අවසන් ගෞරව

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක හිමිපාණන් වහන්සේගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (09) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

තවද, මහා නායක හිමිපාණන් වහන්සේගේ මෙම අපවත්වීම මුළු රටටම ඉමහත්, සෝක ජනක අවස්ථාවක් බව අවදාරණය කළහ.

Share this: