ජනතාවගේ කැමැත්ත මත පාඨලි ජනාධිපතිවීම සිදුවෙයි

ජනතාවගේ කැමැත්ත මත පාඨලි ජනාධිපතිවීම සිදුවෙයි

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ, පාඨලි චම්පික රණවක මහතා මේ රටේ ජනාධිපති වීම හෝ නොවීම තීරණය කරන්නේ ජනතාව බවයි.

හෙතෙම අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, තවත් කේන්දරකරුවන් දෙදෙනෙකු බිහිවී ඇති බවත්, ඔවුන් දෙදෙනා පාඨලි චම්පික රණවක මහතා ගැන කතා කරන බවත්ය.

එසේම ඔවුන් දෙදෙනා ගාමිණි වියන්ගොඩ හා නිර්මාල් රංජිත් දේවසිරි බවත්, මීට පෙර ඔවුන් එල්.ටී.ටී.ඊය වෙනුවෙන් පවා පක්ෂපාතිව අදහස් දැක්වූ අය බවත්, ඔහු කියා සිටියේය.

ඔවුන් ගැන වැඩිය කතා කිරීම පලක් නොවන බවත්, මෙවැනි අදහස් දක්වන අය ගැන කනගාටුවන බවත්, එසේ වුවද හැකි නම් විවාදයකට පවා එන්නැයි ඔවුන්ට අභියෝග කරන බවත්, ඒ මහතා පැවසීය.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණයක් බැවයි.

Share this: