ජනක රත්නායකව මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව සැරසෙයි

ජනක රත්නායකව මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව සැරසෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා එම ආයතනයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ විවාදය සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව දින නියම කර ඇත.

ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු විවාදය මැයි 24 (බදාදා) පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මැයි 11 වැනි දින රැස්වීමේදී ඉදිරි සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව තීරණය කළේය.

Share this: