ජනක රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි

ජනක රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි

ජනක රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි

කෝට්ටේ උප නගරාධිපති මධුර විතානගේ මහතාට අයත් පරිගණකයේ දත්ත සොරකම් කළ බවට කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාට චෝදනාවක්, එල්ල වී තිබිණ.

නමුත්, මේ වනතෙක්, කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් ලබාදී තිබූ උපදෙසක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන ලෙස අධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාට එල්ල වී ඇති චෝදනා මත නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබූ බව සඳහන්ය.

රජයේ නීතීඥවරයා චෝදනා කළේ, එම උපදෙස් ක්‍රියාත්මක නොකළ කොළඹ අපරාධ කොට්ඨාසය, සැකකරුට අධිකරණයට බාරවීමට ඉඩ සැලසෙන පරිදි කටයුතු කර ඇති බවටයි.

තවද මේ පිළිබඳව පොලිස්පතිවරයාට වාර්තා කරන මෙන් ද රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබද වාර්තාවක් අප්‍රේල් මස 2 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේය.

පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටි කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා ද අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි.

Share this: