ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) ප්‍රධාන ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) වත්මන් සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට ලංකා කම්කරු කොංග්‍රසය සහය දෙන බවයි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව මැයි මස 24 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තියට අනුව මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.
Share this: