ඡන්ද පත්‍රිකා වංචාව

ඡන්ද පත්‍රිකා වංචාව

කන්තලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධී ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ අත්අඩංගුට ගෙන ඇති අතර කන්තලේ ඔරලෝසු කණුව හංදියේ පිහිටි කඩයක තිබියදී මෙම ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.

මැතිවරණයට අදාළව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර ඇති ඡන්ද පත්‍රිකාවට සමානව සකස්කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා 14,986ක් ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විසින් කුලී පදනම මත අදාළ කඩ කාමරය ලබාගෙන ඇති බවය. සැකකරු සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: