ඡන්ද හිමියන්ගේ නම් හා ජාතික හැඳුනුම්පත් අංක ඡන්ද හිමි නාම ලේඛනයේ නිවැරැදිව සටහන් වී නොමැති අවස්ථා ගැන බොහෝ අවස්ථාවලදී වාර්තා වී ඇති බැවින් එවැනි දොස් නිදොස් කර ගැනීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ අනුව තම නම හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඡන්ද හිමි නාම ලේඛනයේ වැරැදි ලෙසින් සටහන් වී තිබෙනවා නම් එවැනි ඡන්දදායකයන්ට ග්‍රාම නිලධාරි වසම – මැතිවරණ දිස්ත්‍රික්කය – ඡන්ද ප්‍රදේශය – ඡන්ද කොට්ඨාස අංකය – ගෘහ අංකය සමඟ තමන් පදිංචි ලිපිනය – හැඳුනුම්පත් අංකය – නම යන තොරතුරු ද ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් ද සමඟ ලිඛිතව මැතිවරණ කොමසාරිස්, මැතිවරණ මහලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට යොමු කළ යුතුවේ.
මේ හැර ඒ ඒ දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරි වෙත ද ප්‍රාදේශීය මට්ටමින් ජනතාවට මේ තොරතුරු දැනුම් දිය හැකිය.
තවද මෙම ක්‍රියාවලිය මේ මස 25වැනිදා දක්වා මේ සඳහා කල් ලබා දී තිබේ.